Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු

සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන බදු

  • 2012 අංක 12 දරණ මුදල් පනත, 2011 අංක 15 දරණ මුදල් පනත, 1999 අංක 04 දරන මුදල් පනතින් සංසෝධිත 1995 අංක 16 දරන මුදල් පනත 1995.04.01 න් ආරමබ වී 1995/1996 බදු වසරේ සිට බලපැවැත්වෙන පරිදි මෙම බදු අයකරනු ලැබේ.
  • 2010 මැයි 03 දින සිට මෙම බදු මුදලේ මුල් වාරිකය, වාහනය පළමු වරට ලියාපදිංචි කිරීමේදී ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අයකරගනු ලැබේ.
  • ඉතිරි බදු වාරික වාහනය සඳහා වාර්ෂික රක්‍ෂණ ආවරණය ලබාගන්නා අවස්ථාවේදී අදාල රක්‍ෂණ ආයතනය විසින් අයකරනු ලැබ මහා භාණ්ඩාගාරය වෙත යවනු ඇත.
  • වාහනයක ලියාපදිංචි දිනය පදනම් කරගෙන මෙම බදු අයකරනු ලබන අතර ලියාපදිංචි දිනම බදු වාරිකය ගෙවීමට අපොහොසත් වුවහොත් ගෙවිය යුතු බදු මුදලට අමතරව 50% දඩ මුදලක් ද අයකරනු ලැබේ.
  • රජයේ සහ පළාත් සභා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි සියළු නියෝජිතායතන, සියළු තානාපති කාර්යාල සහ ගැසට් කරනලද නිශ්චිත ජාත්‍යන්තර සංවිධාන වල වාහන මෙම බදු වලින් නිදහස් කරනු ලැබේ.
  • අර්ධ සුඛෝපභෝගී බදු අය වියයුතු "ජීප් රථ" නමින් හඳුන්වා දී ඇති වාහන කාණ්ඩය වන්නේ; මෝටර් කාර් පන්තිය යටතේ ලියාපදිංචි වන බඳෙහි වර්ගය ස්ටේෂන් වැගන් (Station Wagon) හා රෝද හතරම ධාවනය වන (4Wheel Drive) හා නිෂ්පාදිතයා විසින් SUV (Sports Utility Vehicle) ලෙස හඳුන්වනු ලබන වාහන වේ.

සුඛෝපභෝගී බද්ද

අර්ධ සුඛෝපභෝගී බද්ද

ද්විත්ව කාර්ය අර්ධ සුඛෝපභෝගී බද්ද

සිලින්ඩර ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර්

සහ

සිලින්ඩර ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර් සඳහා අදාල වේ

සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා ඩීසල් මෝටර් කාර්
සහ
සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ වලටත්

සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා පෙට්‍රල් කාර්
සහ
සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් ජීප් රථ වලටත් අදාල වේ

සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් කැබ් රථ සඳහා

සහ

සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ සඳහා අදාල වේ

වසර

බද්ද (රු.)

වසර

බද්ද (රු.)

වසර

බද්ද (රු.)

 

1995.04.01 දින සිට

2011.01.01 දින සිට

2011.11.22 දින සිට

 

1995.04.01 දින සිට

2011.01.01 දින සිට

2011.11.22 දින සිට

 

1995.04.01 දින සිට

2011.01.01 දින සිට

2011.11.22 දින සිට

1
2
3
4
5
6
7

50,000.00
45,000.00
40,000.00
35,000.00
30,000.00
25,000.00
20,000.00

100,000.00
78,000.00
68,000.00
57,000.00
48,000.00
38,750.00
30,000.00

150,000.00
100,000.00
75,000.00
60,000.00
50,000.00 40,000.00
30,000.00

1
2
3
4
5
6
7

25,000.00
22,500.00
20,000.00
17,500.00
15,000.00
12,500.00
10,000.00

50,000.00
39,375.00
34,000.00
28,875.00
24,000.00
19,375.00
15,000.00

60,000.00
50,000.00
40,000.00
30,000.00
25,000.00
20,000.00
15,000.00

1
2
3
4
5
6
7

10,000.00
9,000.00
8,000.00
7,000.00 6,000.00
5,000.00
4,000.00

20,000.00
15,750.00
13,600.00
11,550.00 9,600.00
7,750.00
6,000.00

40,000.00
25,000.00
20,000.00
12,000.00 10,000.00
8,000.00
6,000.00

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
WRITTEN EXAMINATION FOR THE REGISTRATION OF DRIVING INSTRUCTORS - 2016(2017) There are no translations available.WRITTEN EXAMINATION FOR THE REGISTRATION OF DRIVING INSTRUCTORS - 2016(2017) තව දුරටත් කියවන්න...
PROCUREMENT FOR THE SUPPLY AND DELIVERY OF VEHICLE NUMBER PLATES AND NUMBER PLATE STICKERS WITH RADIO FREQUENCY IDENTIFICATION (RFID) TAGS There are no translations available.PROCUREMENT FOR THE SUPPLY AND DELIVERY OF VEHICLE NUMBER PLATES AND NUMBER PLATE STICKERS WITH RADIO FR... තව දුරටත් කියවන්න...