Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

වැදගත් අතුරු සංශෝධන

2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනත අනුව පහත සඳහන් කරුණු පිළිබඳව මහජනතාව දැඩි අවධානය යොමු කළ යුතුය.

පොදු දණ්ඩනය

224 වගන්තිය අනුව මෝටර් වාහන පනතේ වරදකට අදාළව වෙන වෙනම සළසා නොමැති අවස්ථාවල පොදු දණ්ඩනය වනුයේ.

  • 1 වන අවස්ථාවේදී රු 1000 ‍නොඅඩු - රු 2000 ක‍ට නොවැඩි දඩයකට

  • 2 වන අවස්ථාවේදී රු 2000 නොඅඩු - රු 3000 කට නොවැඩි දඩයකට

  • 3 වන අවස්ථාවේදී රු හෝ පසු අවස්ථාවකදී රු 3500 කට නොඅඩු දඩයකට හා රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට.

මගී ප්‍රවාහන සේවා වාහන සහ හදිසි සේවා වාහන

  • මගී ප්‍රවාහන සේවා වාහන සහ හදිසි සේවා වාහන සඳහා වෙනම රියදුරු බලපත්‍රයක් ලබාදීම සඳහා ප්‍රතිපාදන සළසා ඇති අතර අවශ්‍යතාවයන්, සුදුසුකම් හා පරීක්ෂණ සම්බන්ධව රෙගුලාසි සෑදීමට “128” වන වගන්තිය යටතේ ප්‍රතිපාදන සළසා ඇත. ඉදිරියේදී මේ පිළිබඳව නව රෙගුලාසි සම්පාදනය කරනු ඇත.

රියදුරු බලපත්‍රයේ ලිපිනය වෙනස් වීම

  • “138” වගන්තිය අනුව සෑම රියදුරු බලපත්‍රයකම ලිපිනය වෙනස් වේ නම් අනි‍වාර්යයෙන් දැන්විය යුතු අතර එසේ නොකිරීම පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.

වියනා සම්මුතියට අනුකූලව වෙනත් රටවලින් ලබාගන්නා ජාත්‍යන්තර බලපත්‍ර

  • “132” වගන්තියට අනුව වියනා සම්මුතියට අනුකූලව වෙනත් රට‍වලින් ලබාගන්නා ජත්‍යන්තර බලපත්‍රයන් ශ්‍රී ලංකාවේ වලංගු බවට ප්‍රතිපාදන සළසා ඇත

ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම

  • ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කරනු ලැබූ බවට වරදකරු වු අවස්ථාවක රු 10000 ක‍ට නොඅඩු හා රු 20000 කට නොවැඩි ක‍ට නොවැඩි දඩයක් නියම කළහැකි අතර වෛද්‍ය සභාවට වාර්ථා කළ යුතුය.

වෛද්‍ය පරීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම

  • වෛද්‍ය පරීක්ෂණය යම්බන්ධව සෑහීමකට පත්නොවන අයදුම්කරුවෙකුට ඒ සදහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

රියදුරු පරීක්ෂණය සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීම

  • කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්වන ලද රියදුරු පරීක්ෂණය සම්බන්ධව සැහීමකට පත් නොවන්නේනම් අවසානයේ අභියාචනා මණ්ඩල‍‍යට අභියාචනයක් ඉදිරිපත් කල හැක

යෝග්‍යතා, වායු විමෝචන හා රක්ෂණ සහතික නොමැතිව වාහනයක් ධාවනය කිරීම

  • 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය නොකළ යුතු අතර ‍එසේ කිරීමෙන් එම විධිවිධාන කඩකරන තැනැත්තෙකු වරදකරු වු විට රු 5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ.

රක්ෂණ සහතිකයක් පැවරීම‍‍

  • “112 අ” වගන්තිය යටතේ රක්ෂණ සහතිකය වාහනය පවරා දෙනු ලබන දිනයේ සිට එම තැනැත්තාට පවරා දෙනු ලැබූ ලෙස සැලකිය යුතු අතර එම පැවරුම්ලාභියා විසින් රක්ෂණකරු වෙත අවශ්‍ය වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් දින 14 ක් තුල කල හැකිය.

රක්ෂණ සහකිනයක් ලබා ගැනීම

  • වයස 17 ක් සම්පුර්ණ තැන්ත්තෙකුට රක්ෂණ සහතිකයක් ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

අධිභාරය පැනවීම

  • 213 ඉ වගන්තිය අනුව වාහනයක් වෙනස් කිරීම, වාහනයක් නිරිමාණය වෙනස් කිරීම යාන්ත්‍රික කොටස් වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිභාරයක් පැනවීම සම්බන්ධව ප්‍රතිපාදන සළසා ඇත.

වාහනයක් එකලස් කිරීම සකස් කිරීම නිෂ්පාදනය කිරීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීම

  • 213 අ වගන්තිය අනුව වාහනයක් එකලස් කිරීම, නිර්මාණය කිරීම, විකරණය කිරීම සකස් කිරීම නිර්මාණය වෙනස් කිරීම හා නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා නොදීම සම්බන්ධව සෑහීමකට පත්නොවන අයදුම්කරුවෙකුට ඒ සඳහා මෝටර් වාහන අභියාචනය අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ හැක.

වාහන වලට තහනම් හා අළුත් වැඩියා කිරීමේ නියෝග නිකුත් කිරීම

  • 198 වගන්තියට අනුව ඕනෑම මෝටර් වාහනයකට තහනම් හා අළුත් වැඩියා කිරීමේ නියෝග නිකුත් කිරීම සඳහා මෝටර් වාහන පරීක්ෂකවරයෙකුට ප්‍රතිපාදන සළසා ඇත. 198 වගන්තිය අනුව තහනම් හා අළුත්වැඩියා කිරීමේ නියෝග නිකුත් කළ මෝටර් වාහනයක ධාවනය කර වරදකරු වන

  • 1 වන අවස්ථාවේදී - රු 5000 - රු 10000 දඩයකට යටත් විය යුතුය
  • 2 වන අවස්ථාවේදී හෝ පසුවාරයකදී - රු 10000 - රු 20000 දඩයක් හෝ මාස 3 ක සිරදඬුවමක් හෝ දඬුවමක් දෙකම

සෑම අනතුරකටම අයිතිකරු හා රක්ෂණ ආයතනය විසින් වාර්ථා කිරීම

  • 161 වගන්තිය අනුව සෑම අනතුරකම රියදුරු හා රක්ෂණ ආයතනය විසින් වාර්ථා කල යුතුය.එම විධිවිධාන කඩකරන රියදුරෙකු වරදකරු වු විට රු 3000 ක‍ට නොඅඩු - රු 5000 කට නොවැඩි දඩයකට යටත් වන අතර රක්ෂණ අයනතනය වරදකරු වු විට රු 5000 කට ‍නොඅඩු රු 10000 කට නොවැඩි දඩයකට යටත් වේ.

ආසන පටි පැළදීම

  • 157 වගන්තිය අනුව ආසන පටි සවිකිරීමට අදාල ප්‍රතිපාදන සලසා ඇති අතර ඒ සඳහා ළගදීම රෙගුලාසි පනවනු ඇත.

විමෝචනය

  • 155 අ වගන්තිය අනුව මාර්ගය පාව්ච්චි කරන යම් තැනැත්තෙකුට කරදරයක් හානියක්,දෘෂ්ටියට බාධාවක් කිරීමට ඉඩ ඇති හෝ මාර්ගයකට හානියක් කල හැකි දුම්,හුමාලය,වැලි කැට,ගිනිපුපුරු,අළු,ශ්‍රීස් හෝ තෙල් සහිත අපද්‍රව්‍ය පිටකරන වාහනයක් භාවිතා කරන යම් තැනැත්තෙකු,

  • 1 වන අවස්ථාවේදී වරදකරු වු විට - දඩය රු 2000 සිට රු 5000 කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

  • 2 වන හෝ පසු අවස්ථාවක වරදකරු වු විට - දඩය රු 5000 සිට රු 10000 කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

නලාව පාව්ච්චි කිරීම

  • 155 වන වගන්තිය අනුව යම් පුද්ගලයෙකු ඔහු නාදරටා ඇති අනතුරු ඇඟවීමේ උපකරණ පාවිච්චි කර එම විධිවිධාන කඩකරන පුද්ගලයෙකු වරදකරු වු විට රු 3000 නොඅඩු - රු 5000 නොවැඩි දඩයකට යටත් වන අතර එම උපකරණය රාජසන්තක කරනු ලැබේ.

මෝටර් වාහන වල යාන්ත්‍රික තත්වය නියම කර ඇති ප්‍රමීතීන් වලට අනුව පවත්වා ගැනීම

“145” වගන්තියට අනුව මෝටර් වාහන වල යාන්ත්‍රික නියම කර ඇති ප්‍රමිතීන් වලට අනුව පවත්වා ගෙන යා යුතුය.

  1. එම විධිවිධාන කඩකරන වාහන ලියාපදිංචි අයිතිකරු හා රියදුරු වරදකට වරදකරු නව අතර රු10000 නට නොඅඩු රු 20000කට නෙවැඩි දඩයකට ‍යටත් විය යුතුය.

  2. එම විධිවිධාන කඩ කර තුවාල සිදුකරනු ලබන රියදුරාට හා වාහන ලියාපදිංචි අයිතිකරුට රු 10000 නොඅඩු රු 25000 ක‍ට නොවැඩි දඩයකට හෝ මාස දෙකකට වැඩි නොවන කාලයකට බන්ධනාගාර ගත කිරීමට හෝ දඩුවම දෙකටම හා මාස 6 ක කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවීමට යටත් වන්නේය.

  3. එම විධිවිධාන කඩකර බරපතරල තුවාල සිදුකරනු ලබන රියදුරාට හා වාහන ලියාපදිංචි අයිතිකරුට රු 25000 ක‍ට නොඅඩු 35000 ක‍ට නොවැඩි දඩයකට හෝ මාස 06 කට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කිරිම හෝ දඬුවම් දෙකටම හා රියදුරු බලපත්‍රය මාස 06 කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවීමට යටත් වන්නේය.

  4. එම විධිවිධාන කඩකර මරණය සිදුකරනු ලබන රියදුරාට හෝ වාහනය ලියාපදිංචි අයිතිකරු‍ට රු 50000 කට ‍නොඅඩු රු 75000 කට නොවැඩි දඩයක‍ට හෝ අවු : 1 බන්ධනාගාර ගත කිරීමට හෝ එම දඬුවම් දෙකටම හා අවුරුද්දක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අත්හිටුවීමට යටත් වන්නේය.

ආගන්තුකයෙකු මෙරටට ගෙනෙන වාහන පාවිච්චි කිරීම

  • “44” නව වගන්තිය යටතේ ආගන්තුකයෙකු මෙරටට ලෙනෙන වාහනයක් වසරක කාලයක් සදහා තාවකාලික බලපත්‍රයක් යටතේ පාව්ච්චි කිරීමට අවසර ලබා දී ඇත

වාහනයක් එකලස් කිරීම ,සකස් කිරීම නිෂ්පාදනය කිරීම හෝ ආයනයනය කිරීම

“19 අ”, “19 ආ”, සහ “19 ඇ” වගන්ති

19 අ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පුර්ව ලිඛිත අනුමැතිය නොමැතිව කිසිම තැනැත්තෙකු වාහනයක් එකලස් කිරීම,සකස් කිරීම හෝ නිෂ්පාදනය කිරීම නොකළ යුතුය. එම විධිවිධාන උල්ලංඝනය කරනු ලබන තැනැත්තෙකු වරදකරු වූ විට රු 5000 කට නොඅඩු - රු 10000 නොවැඩි දඩයකට හා වාහනය රාජසන්තක කිරීමට යටත් විය යුතුය.

19 ආ අළුත්ම කොටස් නොයොදා වාහන එකලස් කිරීමට වරදකරු වන යම් තැනැත්තෙකු රු 5000 කට අඩු නොවන හා රු 10000 කට වැඩි නොවන දඩයකට යටත් විය යුතුය.

19 ඇ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද මුලාකෘතියට අනුකූල නොවන වාහනයක් ආනයනය කිරීම සම්බන්ධව විධි විධාන යටතේ
රු 300000 කට නොඅඩු රු 500000 නොවැඩි දඩයකට ‍යටත් විය යුතුය

“18” වන වගන්තියේ විධිවිධාන කඩ කිරීම සඳහා අය කරන දඩය

  • 1 වන අවස්ථාවේදී - රු 10000 ක‍ට නොඅඩු රු 20000 නොවැඩි දඩ‍යක‍ට
  • 2 වන හෝ පසු අවස්ථාවේදී - රු 30000 කට නොඅඩු රු 50000නොවැඩි දඩයකට හෝ මාස 3 ක සිර දඬුවමක් හෝ දඩුවම් දෙකටම යටත් විය යුතුය.

ලියාපදිංචිය අවලංගු කිරීම

“ 18” වන වගන්තිය අනුව කොමසාරිස් ජනරාල්වරයාට පහත සදහන් කරුණු මත වාහනයක් ලියාපදිංචිය අවලංගු කළ හැකිය.

  • 2(1)  වන වගන්තිය ය‍ටතේ පාවිව්චි නොකළ යුතු වාහනයක් බව‍ට විශ්වාස කිරීමට හේතු ඇත්නම්

  • ලියාපදිංචි අයදුම්පත්‍රයේ වැරදි තොරතුරු ඉදිරිපත් කළ වාහනයක්

  • ව්‍යාජ ලේඛන සහිතව ආනයනය කරන ලද හෝ ඉල්ලුම්පත්‍රයේ ව්‍යාජ අත්සන් යොදා හෝ ඉල්ලුම්පත්‍රය සමඟ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන ලද වාහනයක්

  • පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූල නොවන වාහනයක්

  • පුර්ව අනුමැතියක් ලබා නොගෙන ආනයනය කල වාහනක්

  • ලියාපදංචි අයිතිකරුවෙකු මියගොස් හෝ සොයාගත නොහැකි වාහනයක්

  • වසර දෙකක් ආදායම් බලපත්‍ර ලබා නොගත් හෝ පාවිව්චි ‍නොකිරීමේ දැන්වීමක් කර නොමැති ‍වාහන හා ලියාපදංචි අයිතිකරුවන්ට හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදීමෙන් අනතුරුව වාර්ථාගත හේතූන් මත පාවිච්චියට නුසුදුසු වාහන

පැවරීම

ලියාපදිංචි අයිතිකරුවෙකු විසින් වාහනයක අයිතිය පැවරීම එම්.ටී.ඒ 6   “ඒ”, “ඒ1”, “බී”, “බී1” හා එම්.ටී.ඒ 8  “සී”, “සී1” යන ආකෘති පත්‍ර වලට අනුකුලව කල යුතුය.

  1. ලියාපදිංචි අයිතිකරු දින 14 ක් ඇතුලත නියමිත පරිදි සම්පුර්ණ කරන ලද එම්.ටී.ඒ 6    “ඒ” ආකෘති පත්‍රය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත යැවිය යුතුය.එලෙස දැනුම් දීම පැහැර හරින අයිතිකරුවෙකු වරදකරුවෙකු වන අතර රු 3000 කට ‍නොඅඩු රු 6000 නොවැඩි දඩයකට යටත් විය යුතුය.

  2. “ඒ1” ආකෘති පත්‍රය තමා ලඟ තබා ගතයුතු අතර අනිකුත් ආකෘති පත්‍ර ලියාපදිංචි සහතිකය හා ආදායම් බලපත්‍රය අලුත් අයිතිකරුට භාරදිය යුතුය.

  3. අලුත් අයිතිකරු ලියාපදිංචිය සඳහා දින 14 ක් තුළදී ඉල්ලුම් කල යුතු අතර එම කාලය තුල එසේ නොකරන නව අයිතිකරුවෙකු 14 වන දිනයේ සිට දිනකට රු 100 බැගින් වු දඩයකට 44 වන දිනය දක්වා යටත් විය  යුතුය.

  4. දින 44ක් තුල ඉල්ලුම් කිරීමට අපොහොසත් වන නව අයිතිකරුවෙකු වරදකරු වන අතර රු 5000 කට නොඅඩු හා රු 10000 ක‍ට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

  5. ව්‍යාජ ලේඛන හෝ ආකෘති පත්‍රයක් ඉදිරිපත් කරන අලුත් අයදුම්කරුවෙකු

රු 10000 කට නොඅඩු රු 15000 නොවැඩි දඩයකට ය‍ටත්විය යුතුය.

  1. අයිතිය වෙනස් කිරීම සඳහා නව අයිතිකරු “බී1” සහ “සී” ආකෘති පත්‍ර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

වාහනයක් යම් වෙනස් කිරීමක් සඳහා අනුමැතිය ලබා ගත යුතුය

  • 10 වෙනි වගන්තිය අනුව ලියාපදිංචි අයිතිකරු විසින් ලියාපදංචි කළ වාහනයක සම්පුර්ණ දිග, පළල, බාහිර පෙනුම, ‍රෝද පරතරය අසන සංඛ්‍යාව නෙස් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් ජනරාල් වරයාගේ පුර්ව අනුමැතිය ලබාගත යුතුය.

එසේ නොකිරීමෙන් වරදකරු නව අවස්ථාවේදී දඬුවම රු 10000 කට නොවැඩි දඩයකට ය‍ටත් වන්නේය

ලියාපදිංචි නොකළ යුතු වාහන

  • ඉහත සඳහන් 2(1) යටතේ පාවිච්චි නොකළ යුතු වාහන
  • මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන වලට හා රෙගුලාසි වලට අනුකුල නොවන වාහන
  • පුර්ව ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් නොකරන හෝ ඉල්ලුම්පත්‍රයේ වැරදි ‍තොරතුරු ඉදිරිපත් කර ඇති වාහන
  • වයස අවු 18 ට අඩු පුද්ගලයින් ඉදිරිපත් කරන ලබන වාහන

පනතේ විධිවිධාන අනුව ව්‍යාජ අත්සන් සහිත ලේඛන හෝ ව්‍යජ තොරතුරු ඉදිරිපත් කරනු ලබන තැනැත්තෙකු වරදකරු වන අවස්ථාවකදී රු 10000 කට නොඅඩු හා රු 15000 නොවැඩි දඩයක‍ට යටත් වන්නේය.

පනතේ විධිවිධාන අනුව වරදකරු වන

  • 1 වන අවස්ථාවේදී - රු 5000 - රු. 100000 හා මාස 1 ක සිර දඬුවමක් හෝ දඬුවමක් හෝ දඬුවම් දෙකම

  • 2 වන අවස්ථාවේදී - රු 100000 - රු 200000 හා මාස 2 ක සිර දඬුවමක් හෝ දඬුවම් දෙකම

  • 3 වන අවස්ථාවේදී හෝ පසු වාරයකදී - රු 200000 - රු 300000 හා මාස 6 ක සිර දඬුවම් දෙකම
    නියම විය හැකිය.

වාහන පාවිච්චි කිරීම

මෝටර් වාහන පනතේ 2 අ(1) වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු විසින් පහත සඳහන් වාහන දැන දැනම පාව්ච්චි නොකළ යුතුය

  • නීති වි‍රෝධි ලෙස හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද මුලාකෘතියක‍ට අනුකුග නොවන ලෙස හෝ කොමසාරිස් ජනරාල් වරයාගෙන් පුර්ව ලිඛිත අවසරයකින් ලබා නොගෙන නිෂ්පාදනය කරන ලද එකලස් කරන ලද වාහනයක්.
  • නිෂ්පාදකයාගේ අවසරය නොමැතිව හෝ නව අමතර කොටස් පාවිච්චි නොකර එකලස් කරන ලද වාහනයක්
  • කාර්මික දෝෂ සහිත වාහනයක් හෝ නියමිත ප්‍රමිතියෙන් තොර වාහනයක්
  • සොරකම් කරන ලද හෝ ව්‍යාජ අනන්‍යතාවයක් ඇති වාහනයක් හෝ වෙනස් කරන ලද වැසි අංකයක් සහිත වාහනයක්

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
Invitation for Prequalification There are no translations available.  Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Traffic ... තව දුරටත් කියවන්න...
Request for Prequalification Proposals for e Motoring Project There are no translations available.    Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Tr... තව දුරටත් කියවන්න...