Tamil-Sri LankaEnglish (United Kingdom)
Sinhala
Sinhala
   
Text Size

වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන

මොකක්ද මේ වැඩසටහන?
වාහන වලින් පිටවෙන පිටාර දුම පරීක්ෂා කරලා ඒවා නියම කර ඇති සීමාවන් තුල තිබෙනවාද යන්න පරීක්ෂා කිරිම තමයි මේ මගින් කෙරෙන්නේ.

වාහන වායු විමෝචනයට අවශ්‍ය ලියකියවිලි හා වෙනත් අවශ්‍යතා

  • වාහනයේ ලියාපදිංචි සහතිකය රැගෙන යා යුතුයි.
  • එන්ජින් අංකය හා චැසි අංකය පහසුවෙන් කියවිය හැකි පරිදි පිරිසිදු කොට තිබිය යුතුයි.
  • පරීක්ෂණයට ඉදිරිපත් කරන  අවස්ථාවේ වාහනයේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබිය යුතු බැවින් අවම  වශයෙන් විනාඩි 10 ක පමණ කාලයක්වත් එන්ජිම පණගන්වා තිබිය යුතුයි.
  • තෙල් හෝ පිටාර වායුව කාන්දු වන වාහන පරික්ෂණයට භාජනය කරනු නොලැබේ.
  • වාහනයේ වතුර කාන්දු නොවන ලෙස හා එන්ජිම මනා ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුය. එසේ නොමැතිව පරීක්ෂණය සඳහා භාජනය කරන වාහනයකට පරීක්ෂණ ක්‍රියාවලිය තුළදී යම් අලාභයක් සිදුවේ නම් එය  වාහන අයිතිකරු විසින් දැරිය යුතුය.

2.     වාහන වායු විමෝචන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය

වාහන වායු විමෝචන ප්‍රමිතීන්

පෙට්‍රල්  වාහන

වාහන වර්ගය

විමෝචන ප්‍රමිති

වෙනත් කරුණු

2008 අප්‍රේල් 01 වන දින සිට  ක්‍රියාත්මක වන පරිදි

කාබන් මොනොක්සයිඩ්
CO (% v/v)

හයිඩ්‍රොකාබන්
HC (ppm v/v)

මෝටර් බයිසිකල්
මෝටර් ට්‍රයිසිකල්
හැර වෙනත් පෙට්‍රල් වාහන

4.5

1200

පණගන්වා ධාවනය නොකර හා සහ 2500 RPM බර නොපටවා

පෙට්‍රල් මෝටර් බයිසිකල් සහ
පෙට්‍රල් මෝටර් ට්‍රයිසිකල්

6

9000

සංක්ෂිප්ත ලකුණු
% v/v  - පරිමාව අනුව ප්‍රතිශතය
ppm v/v  -  පරිමාව අනුව මිලියනයකට කොටස්
RPM  -  මිනිත්තුවකට වට

ඩීසල් වාහන

වාහන වර්ගය

විමෝචන ප්‍රමිති

ක්ෂණික ත්වරණයේදී (වේගය වැඩි කිරීමේදී) ධූම
පාරාන්ධතාවය  K
සාධකය (m-1)
2008 අප්‍රේල් 01 වන දින සිට  ක්‍රියාත්මක වන පරිදි

ඩීසල් වාහන

8.0

සංක්ෂිප්ත ලකුණු  -
K සාධකය  -  අවශෝෂක සංගුණකය

ක්ෂණික ත්වරණය  - SAE RECOMMENDED PRACTICE J 1667 යෙදුමෙහි අර්ථකථනයෙහි ඇති අර්ථයම ඇත.

3. අදාල  ගාස්තු හා එවා ගෙවිය යුතු ආකාරය

වාහන වායු විමෝචන පරීක්ෂණය සිදු කරනු ලබන ආයතනයට අවශ්‍ය පරීක්ෂණ මුදල් ගෙවිය යුතුය.   ‍ (පරීක්ෂණයට අදාල සියළුම ගාස්තු හා බදු ඇතුලත් කර ඇත.)

වාහන පන්තිය

ගාස්තුව (වැට් සහිතව)

මෝටර් සයිකල් (පෙට්‍රල්)

415

මෝටර් සයිකල් (ඩීසල්)

415

ත්‍රීරෝද රථ (පෙට්‍රල්)

505

ත්‍රීරෝද රථ (ඩීසල්)

505

මෝටර් කාර් (පෙට්‍රල්)

1110

මෝටර් කාර් (ඩීසල්)

1110

ද්විත්ව කාර්ය වාහන/ වෑන් (පෙට්‍රල්)

1200

ද්විත්ව කාර්ය වාහන/ වෑන් (ඩීසල්)

1200

මෝටර් ලොරි (පෙට්‍රල්)

1560

මෝටර්  ලොරි (ඩීසල්)

1560

මෝටර් කොච් (පෙට්‍රල්)

1020

මෝටර් කොච් (ඩීසල්)

1020

බස් (පෙට්‍රල්)

1010

බස් (ඩීසල්)

1010

ප්‍රයිම් මුවර් (ඩීසල්)

1660

4. පරීක්ෂණ මධ්‍යස්ථාන හා ඒවා පිහිටි ස්ථාන

  • ලාෆ් එකෝ ශ්‍රී ආයතනය හෝ ක්ලීන්කෝ ලංකා ආයතනය මගින් අවශ්‍ය පරීක්ෂණය සිදු කර ගත හැක. එම මධ්‍යස්ථාන හා ඒවා පිහිටි ස්ථාන සදහා එම ආයතන වල වෙබ් අඩවි වලට පිවිසෙන්න.

5. වෙනත් අදාල සේවා

වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය ලබා ගැනීමේ හා පරීක්ෂා කිරීමේ  ක්‍රමවේදය

  • 2011.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම අථත් වාහන (Brand New) සඳහා වායු විමෝචන සහතිකය වසරක් පමණක‍් නිදහස් කරන බව දන්වන අතර දෙවැනි වසර සඳහා ආදායම් බලපත්‍ර ලබා දීමේදී වායු  විමෝචන සහතිකය අනිවාර්යයෙන් පරීක්ෂෘ කරනු ලබයි.
  • 1975.12.31 දිනට පෙර නිෂ්පාදන කරන ලද වහෙන වායු විමෝචන සහතිකය ලබා ගැනීමෙන් නිදහස් කර ඇත.
  • පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන (Reconditioned Vehicle) වාහන සඳහා පළමු වසරේ සිටම ආදායම් බලපත්‍රය ලබා  ගැනීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමඅවශ්‍ය වේ.
  • සියළුම කෘෂිකාර්මික ඉඩම් වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ සඳහා වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත. කෘෂිකාර්මික ඉඩම් වාහන ලෙස සලකනු ලබන්නේ රෝද හතරේ කෘෂිකාර්මික ට්‍රැක්ටර් හා අත් ට්‍රැක්ටර් පමණක් වේ.
  • ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී වායු විමෝචන  සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව හා පෙට්‍රල්  (Bi Fuel Vehicle) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගත  යුතුය. එම අවස්ථා‍වේදී පෙට්‍රල් භාවිතා කර වායු විමෝචන සහතිකය පරීක්ෂා කළ යුතුය.
  • ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්‍ර ලබා දීමේදී පෙට්‍ට්‍රල් වාහන වලට අය කරනු ලබන ගාස්තු අය කර ආදායම් බලපත්‍රය නිකුත් කරන ලෙස දන්වමි.
  • වාහනයක එන්ජිම අළුත්වැඩියා කර ඇති බවට වාහන හිමිකරු තහවුරු කරන්නේ නම් එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට වාහනයේ දුර මාපකයේ සටහන් වන කිලෝමීටර ප්‍රමාණයේ සිට ඉදිරියට කිලෝමීටර් 2000 ක් හෝ එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට ඉදිරියට මාස 02 ක් හෝ ඉන් පළමුව සම්පූර්ණ වන තත්වයන් මත වාහනය ධාවනය කළ හැකි වන පරිදි වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව අයකර ගෙන කුවිතාන්සියක්  නිකුත් කරයි. එම තත්වය සම්පූර්ණ වීමෙන් පසු වාහන හිමිකරු විසින් වාහන වායු විමෝචන සහතිකය  ඉදිරිපත් කර වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගත යුතුයි.
  • විදුලිබලයෙන් ධාවනය වන (Electrical Vehicle) හා විදුලිබලය සමඟ පෙට්ට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන (Hybrid Vehicle) වාහන සඳහා ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.
  • එක් වායු වි‍‍මෝචන සහතිකයකින් ලබා ගත හැකි වන්නේ එක් ආදායම් බලපත්‍රයක් පමණි.

වාහන වායු විමෝචන අධීක්ෂණ කටයුතු මෙම දෙපාර්තමේන්කුව, මධ්‍යම පරිසර අධිකාරිය වායු සම්පත් කළමණාකරණ කේන්ද්‍රය සහ මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉටුකරන අතර මෙම වැඩසටහන පිළිබඳ යම් ගැටළුවක් වේ නම් 011-3100152 හෝ 0112-692275 දුරකථනයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහන් කාර්යාලයෙන් හෝ කාර්මික අංශයෙන් විමසන මෙන් කාරුණිකව දන්වමි.

 

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
Invitation for Prequalification There are no translations available.  Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Traffic ... තව දුරටත් කියවන්න...
Request for Prequalification Proposals for e Motoring Project There are no translations available.    Invitation for Prequalification Ministry of Transport & Civil Aviation Department of Motor Tr... තව දුරටත් කියවන්න...