2010 මැයි මස 05 දින සිට නිකුත් කරනු ලබන්නේ රෝස පැහැති ලියාපදිංචි සහතිකයක්. මෙම නව ලියාපදිංචි සහතිකය නිකුත් කිරීමත් සමඟ ඒ දක්වා පැවති වාහන හැඳුනුම්පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අත් හිටුවන ලදී. නමුත් මීට පෙර වාහන හැඳුනුම්පතක් නිකුත් කර ඇති වාහන (ඉංග්‍රීසි අක්‍ෂර සහිත ලියාපදිංචි අංක ඇති වාහන) පැවරීම් හෝ සංශෝධන සඳහා ඉදිරිපත් කිරීමේදී ලියාපදිංචි සහතිකය සමඟ වාහන හැඳුනුම්පත ද ඉදිරිපත් කළ යුතුයි.
වාහනයක මුල් ලියාපදිංචි දිනයේ සිට වසර තුනක් ගතවන තුරු මෙය කළ නොහැක. ඊට අදාල තොරතුරු සඳහා මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කර ගැනීම යටතේ දක්වා ඇත.
රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීමට අයදුම් කරන්න. ඊට අදාල තොරතුරු මෙම වෙබ් අඩවියේ රියදුරු බලපත්‍ර යටතේ සඳහන් කර ඇත.
රියදුරු බලපත්‍රයේ සඳහන් අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු, ධාවනය කළ හැකි වාහන පන්ති, ඒවා නිකුත් කළ දින සහ අවලංගුවන දිනයන් ඇතුලත් උධෘතයක් (Driving License Extract or CMT 52 form) රියදුරු බලපත් අංකය ඉදිරිපත් කර රු.500.00 මුදලක් ගෙවීමෙන් වේරහැර රියදුරු බලපත් කාර්යාලයෙන් ලබාගත හැක. රියදුරුබලපත් ලාභියාගේ අනුමැති ලිපියක් සහිතව වෙනත් අයකුට වුවද මේ සඳහා ඉදිරිපත් විය හැකිය.
මෙවැනි ලිපියක් නිකුත් කිරීමේ හැකියාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව නැත. ඔබ රියදුරු බලපත් අයදුම්පතේ සඳහන් කළ නම රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වේ. එබැවින් රියදුරු බලපත්‍රය ඔබ අතට ලැබුනු සැනින් එහි තොරතුරු වල නිරවද්‍යතාවය පරීක්‍ෂා කර බලා වෙනසක් ඇත්නම් සංශෝධනය කර ගැනීම ඔබගේ වගකීමකි.
ඔව්. රු.250.00 ක මුදලක් ගෙවා එය නිකුත් කළ කාර්යාලයෙන් එහි අනු පිටපතක් ලබා ගත හැකියි.
| < පෙර | ඊළඟ > |
|---|
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:31 2011 පෙබරවාරි 28 වෙනි සදුදා, 09:06