විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබාගැනීම
- මේ යටතේ ලබාගත හැක්කේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර පමණි.
- අවම වශයෙන් ඉදිරියට මාස 6 ක් වලංගු විදේශ රියදුරු බලපත්‍රය.
- අයදුම්කරු විදේශිකයෙකු නම් අවම වශයෙන් මාසයක කාලයක් සඳහා වීසා බලපත්‍රය.
- රියදුරු බලපත්‍රය හා විදේශ ගමන් බලපත්‍රය ඉංශ්‍රීසි භාෂාවෙන් නොවන කල්හි ලියාපදිංචි පරිවර්තකයෙකුගෙන් ලබාගත් ඉංශ්‍රීසි භාෂා පරිවර්තනයක්.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතිය මාස 6 කට නෙවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
- විදේශ තනාපති සේවාවකට අයත් අයෙකු නම් එය සනාථ කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද ලිපිය
- ශ්‍රී ලාංකිකයෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු නම් ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:29
2011 මැයි 23 වෙනි සදුදා, 04:53