දැන් ලියාපදිංචි 

කරනු ලබන

වාහන අංක 

කාණ්ඩ

යතුරු පැදි 

VU-2294

මෝටර් කාර් 

KI-6655

බස් 

NA-7984

ලොරි 

LH-5650

ද්විත්ව කාර්ය 

PB-9322

ට්‍රැක්ටර් 

RB-6866

අත්ට්‍රැක්ටර්

SI-4694

ත්‍රීරෝද රථ 

YB-4940

සින්ගල් කැබ්

PP-3193

 
 
 

වාහන වර්ගය අනුව ලියාපදිංචි කිරීම අංශ 3 ක් යටතේ සිදුවේ.

  • වෙළඳ වාහන නව ලියාපදිංචි අංශ
  • ත්‍රී රෝද රථ නව ලියාපදිංචි අංශය
  • යතුරු පැදි නව ලියාපදිංචි අංශය

    මෝටර් වාහනයක් මුල්වරට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවේ දී මුල්වරට ලියාපදිංචි කරන මෝටර් රථයක් සඳහා මෙම අවශ්‍යතා සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය

  • මොටර් රථයක් අලුතින් ලියාපදිංචි කිරීම සඳහා ( එම් ටී ඒ 2) ආකෘති පත්‍රය
  • වාහනය අයිතිකරුගේ ඡායාරූප පිටපත් 02 ( සෙ.මී. 3.5 x 2.5) අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ වාහන ආනයනකරු විසින් ඡායාරූපයේ පසුපිටේ සහතික කල යුතුය. වාහන අයිතිකරු පෞද්ගලිකව පැමිණ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ නම් හැදුනුපත ඉදිරිපත් කිරීමේන් අදාල අංශයේ අධීක්ෂණ නිලධාරියා තම ඡායාරූපය සහතික කළ හැක.
  • වාහන අයිතිකරුගේ හැදුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්.
  • විදේශයක පාවිච්චිකර මෙරටට ගෙන්වනු ලැබු වාහනයක්? (රිකන්ඩිෂන්) සඳහා රේගු බදු තක්සේරු නිවේදනය සහ අවලංගු කරන ලද විදේශ ලියාපදිංචි සහතිකය (ඉංග්‍රීසි පරිවරතනයක් සමග)
  • රේගු සටහන්කරය
  • රේගු බදු මුදල් පිළිබඳ මුල් ‍ ගෙවීමේ රිසිට්පත
  • අලුත්ම වාහන සම්බන්ධයෙන් අදාල ඉන්වොයිසිය ඉදිරිපත් කළ යුතුය.
  • පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා නිසිලෙස සම්පූර්ණ කරන ලද එම් ටී ඒ 3 ආකෘති පත්‍රය
  • උකසක් සමග ලියාපදිංචි කරන්නේ නම් උකස් ඔප්පුවේ පිටපතක්
  • රේගුව, වරාය අධිකාරය, ත්‍රිවිධ හමුදා යන ඒවායේ වෙන්දේසියකින් මිලදීගත් වාහනයක් නම් අදාල ආයතනයෙන් ලබාගත් ලිපිය හා ගෙවීම් රිසිට්පත්
  • මෝටර් වාහන පරීක්ෂක වරයෙක් වාහනය පරීක්ෂා කර නිකුත් කළ සහතිකය ( බර සහතිකය) හෝ ප්‍රෝටොටයිප් වාහන අදුනා ගැනීමේ පත්‍රය
  • යතුරු පැදි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ සහතිකය වෙනුවට මෝටර් වාහන පරීක්ෂක වරයෙක් විසින් පරීක්ෂා කර සහතික කරන ලද චැසි අංකය හා එන්ජින් අංකය.
  • දේශිය වශයෙන් නිපදවන ලද හෝ එකලස් කරන වාහන සඳහා රේගු ලියවිලි අවශ්‍ය නොවේ.
  • ආනයන බලපත්‍රයන් මත ආනයනය කර ඇත්නම් ආනයන බලපත්‍රයේ හා එහි සංශෝධන ඇත්නම් ඒවායේ මුල් පිටපත්
  • ඉදිරියට අංක 30000ක් ඇතුලත විශේෂිත අංකයක් වෙන්කර ගැනීම සඳහා අයදුම්පතක් වෙනම ඉදිරිපත් කළ යුතුය.

 
 

 

Hits on this page- 17646                 
    Last Modified - 11/08/2010