දැන් ලියාපදිංචි 

කරනු ලබන

වාහන අංක 

කාණ්ඩ

යතුරු පැදි 

VU-2294

මෝටර් කාර් 

KI-6655

බස් 

NA-7984

ලොරි 

LH-5650

ද්විත්ව කාර්ය 

PB-9322

ට්‍රැක්ටර් 

RB-6866

අත්ට්‍රැක්ටර්

SI-4694

ත්‍රීරෝද රථ 

YB-4940

සින්ගල් කැබ්

PP-3193

 
 
 
            

නව ස්මාට් කාඩ් රියදුරැ බලපත්‍රය

නව ස්මාට් කාඩ් රියදුරැ බලපත්‍රය ඳුන්වාදීම 2009 මාර්තු මස 27 වෙනි දින සිදු කරනු ලැබේ. නව රියදුරැ බලපත්‍රය නිකුත් කිරිමේ ක්‍රියාවලිය  මෙම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සජීව දත්ත සම්බන්ධතා ක්‍රියාවලිය යටතේද, අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වල සජීවී නොවන දත්ත සම්බන්ධතා ක්‍රියාවලිය යටතේද සිදුකරනු ලැබේ. දැනට පවත්නා රියදුරැ බලපත්‍රය හා නව රියදුරැ බලපත්‍රය ඳුන්වාදීම කාලය අතර කාල ඛණ්ඩනයක් තිබිය යුතු හෙයින් 2009 මාර්තු 16 දින සිට මාර්තු 27 දක්වා රියදුරැ බලපත්‍ සඳහා වන අයදුම්පත් භාර නොගන්නා ලෙස මෙම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට, දිස්ත්‍රික් කාර්යාල වලට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට දැනුම් දී තිබේ.

ඒ අනුව මේ අන්තර් කාලය තුල කාලය දීර්ඝ කලයුතු/අලුත් කලයුතු රියදුරැ බලපත්‍ර දරන්නන්ට යම් නීතිමය සහනයන් සලසා දිය යුතුය. මන්ද 2009 මාර්තු මස 16 න් පසු හා මාර්තු 27 අතර කාලය තුල අලුත් කළයුතු රියදුරැ බලපත්‍ර අලුත් කිරිමට ඉහත අත්හිටුවිම මගින් අවකාශ නොලැබෙන බැවින් 2009 මාර්තු මස 16 සිට මාර්තු 31 දක්වා කාලය තුල අලුත් කළයුතු/කාලය දීර්ඝ කලයුතු රියදුරැ බලපත්‍ර සම්බන්ධයෙන් තාවකාලික පියවරක් ලෙස එකි කාලය තුල එම රියදුරැ බලපත්‍ වලංගු රියදුරැ බලපත්‍ සේ සලකා කටයුතු කරන ලෙස පොලිස්පති වරයාට දන්වා තිබේ.

 

| 1 | 2 | 3 | 4 |

 

 

 

 

 

 

 

 



Hits on this page- 17645                 
    Last Modified - 11/08/2010