රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අදහස් කරන සෑම අයදුම්කරුවකුම තම අවශ්‍යතාවයට අදාල සුදුසුකම් සපුරා තිබිය යුතුවේ. පොදු අවශ්‍යතා - අයදුම්කරු පෞද්ගලිකවම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිය යුතුවේ.
- ජාතික හැඳුනුම්පත (මැකී ගිය අපහැදිලි හැඳුනුම්පත් භාරගනු නොලැබේ.) /වලංගු විදේශගමන් බලපත්‍රය රැගෙන ආ යුතු වේ.(දේශීය අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙහි ඇතුලත් විය යුතුය. )
- ඡායාරූප ලබා ගැනීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක ක්‍රියාවලියේම අංගයක් වන බැවින් වේරහැර කාර්යාලයට පැමිණ අයදුම්කරුවන්, ඒ සඳහා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම අවශ්‍ය වේ.
- වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වන අවස්ථාවකදී බර වාහන සඳහා නම් එය අනිවාර්යයෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබාගත යුතු අතර සැහැල්ලු වාහන සඳහා නම් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකුගෙන් MTA 31 ආකෘතිය ලබාගත යුතුය.
- සේවාව සඳහා අදාල රජයේ ගාස්තු ගෙවිය යුතුවේ.
01. සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා
I. වයස අවුරුදු 18 සපුරා කිබිය යුතුය. II. අවම උස අඩි 4 අඟල් 06 ක් වත් විය යුතුය. III. උප්පැන්න සහතිකයේ මුල් පිටපත රැගෙන ආ යුතුය. IV. ශාරීරිකව හා මානසික වශයෙන් වාහන පැදවීමට යෝග්‍ය බවට ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකුගෙන් ලබා ගත් වලංගු වෛද්‍ය සහතිකයක් ඉදරිපත් කළ යුතුය. V. දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ලඛිත පරීක්ෂණය සමත් විය යුතුය. VI. අවම වශයෙන් මාස තුනක කාලයක් පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් මත පුහුණුව ලබා තිබිය යුතුය. VII. පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය අවලංගු වීමට පෙර (මාස 03කට පසු සහ මාස 18කට පෙර) ප්‍රායෝගික පරීක්ෂණයට පෙනීසිට සමත් විය යුතුය.
විශේෂ කරුණු :-වයස අවුරුදු 17වූ අයෙකුට ඉල්ලුම්පතක් ඉදිරිපත්කොට ලිඛිත පරීක්ෂණයට පෙනී සිට පුහුණු අවසර පතක් මත රියදුරු පුහුණුව ආරම්භ කල හැක.
02. බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට
I. අවම වශයෙන් වයස අවුරුදු 21 ක් සපුරා තිබිය යුතුය. II. ශාරීරිකව හා මානසික වශයෙන් බර වාහන පැදවීමට සුදුසු බව සනාථකොට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් ඉදරිපත් කළ යුතුය.(අයදුම් කරන අවස්ථාව වන විට අදාළ වෛද්‍ය සහතිකය නිකුත් කල දින සිට මාස හයක් නොඉක්මවා තිබිය යුතුය.) III. අවම වශයෙන් අයදුම්කරු අඩි 05 කට වඩා උස අයෙක් විය යුතුය. IV. අයදුම් කරන දිනට අවම වශයෙන් වසර දෙකකට ප්‍රථම ලබා ගත් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රලාභියෙකු විය යුතුය. V. දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන බර වාහන සඳහා වූ ලිඛිත පරීක්ෂණයට පෙනී සිට සමත් විය යුතුය. VI. ඉහත ලිඛිත පරීක්ෂනය සමත් වූ දින සිට රියදුරු පුහුණු වන්නන්ගේ අවසර පත්‍රය මත අවම වශයෙන් මාස 3 ක කාලයක් පුහුණුව ලබා තිබිය යුතුය. VII. දැනට ලබාගෙන ඇති වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය. VIII. දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිට සමත් විය යුතුය.
විශේෂ කරුණු :- වයස අවුරුදු 20 සම්පූර්ණ වී ඇති සැහැල්ලු වාහන බලපත්‍ර ලාභියෙකුට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කොට පුහුණු අවසර පත්‍රයක් ලබාගත හැක.
03. වලංගු රියදුරු බලපත්‍රයක අනු පිටපතක් ලබා ගැනීම
I. නැති වී නම්, වලංගු පොලිස් පැමිණිලි පිටපත (මාස හයක් ඇතුලත ලබාගත්) /..... හෝ විකෘති වූ රියදුරු බලපත්‍රය. II. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය.
04. රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම
I. දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය. II. නියමිත වලංගු වෛද්‍ය සහතිකය.
05. රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුලත් කර ගැනීම
I. දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය. II. අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුලත් කර ගැනීම සඳහා ඉල්ලුම් කරනු ලබන අවස්ථාවක ඉහත අංක 01 යටතේ දැක්වෙන අනෙකුත් අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුලත් කර ගැනීම සඳහා ඉහත අංක 02 යටතේ දැක්වෙන අනෙකුත් අවශ්‍යතා ද සපුරාලිය යුතුය. III. අමතර සැහැල්ලු වාහන පන්තියක් එක් කිරීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරීපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර බර වාහන පන්තියක් එකතු කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට පෙනී සිටිය යුතු වේ. IV. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වී මාස තුනකට පසු ප්‍රායෝගික පරීක්ෂණයකටද පෙනී සිට සමත් විය යුතුය.
06. පැරණි ක්‍රමය යටතේ නිකුත් කොට ඇති වලංගු රියදුරු බලපත්‍රයක් නව රියදුරු බලපත්‍රයක් වශයෙන් පරිවර්ථනය කර ගැනීම
I. පැරණි රියදුරු බලපත්‍රය. II. අදාළ පැරණි රියදුරු බලපත්‍රය නැතිවී හෝ අස්ථාන ගත වී හෝ ඇත්නම් ඒ බවට වලංගු පොලිස් පැමිණිල්ලේ පිටපත (මාස හයක් ඇතුලත ලබාගත්) / විනාශ වූ රියදුරු බලපත්‍රය. III. මාස හයක් ඇතුලත ලබාගත් අදාල වෛද්‍ය සහතිකයක්
07. රියදුරු බලපත්‍රයේ සඳහන් පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම
01. නම වෙනස් වන අවස්ථාවක දී
I. උප්පැන්න සහතිකය/විවාහ සහතිකය/ දික්කසාද සහතිකය II. ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය III. රියදුරු බලපත්‍රය IV. සංශෝධනයට අදාළ පිලිගත හැකි වෙනත් ලියකියවිලි
02. ලිපිනය වෙනස් වීමකදී
I. ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය
|